ගොසිප්

සායනික වාර්තා බොරු – මගේ පැණිය සාර්ථකයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණිය අසාර්ථක වීම තමන් පිළිනොගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.   

අද වන විටද තමන්ගෙන් එම ඖෂධය ලබා ගෙන විශාල පිරිසක් සුවපත් වන බවද ඔහු කියා සිටී.

අදාළ සායනික පරීක්ෂාව මුල් අවස්ථාවන් දෙකම සිදු කළේ ගම්පහ මහ රෝහලේ සහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් යටතේ යයිද ඔහු සඳහන් කළේය.

නමුත් රජරට විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂාවෙන් අසමත් වීම පිළිගත නොහැකි බවද පවසන ඔහු එම ඖෂධය භාවිතා කළ අය මස් මාළු කෑමෙන් වැළකී නොසිටින්නට ඇතැයිද කියා සිටියේය.

කෙසේවෙතත් මෙම පැණිය පානය කිරීමෙන් කොරෝනා සුව නොවන බවට සායනික පරීක්ෂාවෙන් තහවුරු වී ඇති අතර , ඒ අනුව විද්වත් කමිටුව සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ධම්මික පැණිය කොරෝනා වෛරසයට එරෙහි කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවටයි.

Related posts

කොරෝනාවෙන් මඩිය තර කරගන්නා පෞද්ගලික රෝහල්

Mohamed Dilsad

නාමල්ටත් ඇමති ධූරයක්

Mohamed Dilsad

කරාටේ ක්‍රීඩාවේ හපන්කම් දැක්වූ අගමැති [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment