ගොසිප්

සායනික වාර්තා බොරු – මගේ පැණිය සාර්ථකයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණිය අසාර්ථක වීම තමන් පිළිනොගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.   

අද වන විටද තමන්ගෙන් එම ඖෂධය ලබා ගෙන විශාල පිරිසක් සුවපත් වන බවද ඔහු කියා සිටී.

අදාළ සායනික පරීක්ෂාව මුල් අවස්ථාවන් දෙකම සිදු කළේ ගම්පහ මහ රෝහලේ සහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් යටතේ යයිද ඔහු සඳහන් කළේය.

නමුත් රජරට විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂාවෙන් අසමත් වීම පිළිගත නොහැකි බවද පවසන ඔහු එම ඖෂධය භාවිතා කළ අය මස් මාළු කෑමෙන් වැළකී නොසිටින්නට ඇතැයිද කියා සිටියේය.

කෙසේවෙතත් මෙම පැණිය පානය කිරීමෙන් කොරෝනා සුව නොවන බවට සායනික පරීක්ෂාවෙන් තහවුරු වී ඇති අතර , ඒ අනුව විද්වත් කමිටුව සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ධම්මික පැණිය කොරෝනා වෛරසයට එරෙහි කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවටයි.

Related posts

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට සමාජ මාධ්‍යයේ පුවතක්

Mohamed Dilsad

පොහොට්ටුවට පණ දෙන්න බැසිල් යළි ලංකාවට ?

Mohamed Dilsad

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වෛද්‍යවරිය ගැන තේරීම් කමිටුවේ සභාපති කියූ දේ

Mohamed Dilsad

Leave a Comment