ගොසිප්

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වෛද්‍යවරිය ගැන තේරීම් කමිටුවේ සභාපති කියූ දේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයෙකු සහ කණ්ඩායමේ වෛද්‍යවරිය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පසුගියදා පළකර තිබු පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මැල් අද කරුණු දැක්වීය.

පුද්ගලික රූපවාහිනී ආයතනයක උදෑසන වැඩසටහන සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මීකි ආතර් මෙම චෝදනාව සමබන්ධයෙන් ආදාළ ක්‍රීඩකයාගෙන් සහ වෛද්‍යවරියගෙන් කරුණු විමසු බවත් එහිදී ඔවුන් දෙදෙනාම එය ප්‍රතික්ෂේප කළ බවයි.

එය කිසිදු සත්‍යතාවයක් නොමැති පුවතක් බවත්, කණ්ඩායමේ කළමනාකාරිත්වය ලෙස අවශ්‍ය නම් විධිමත් පරීක්ෂණයක් කොට එහි සත්‍ය අසත්‍යභාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විස්තර ලබාගත හැකි බවද ඔහු කියා සිටියේය.

අදාළ සිදුවීමට මුල් වී ඇත්තේ මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

අදාල ක්‍රීඩකයා සහ මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුයුක්ත කල වෛද්‍යවරිය අතර සමග පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතර තුර විනය විරෝධී ක්‍රියාවක නිරත වී ඇති බව සඳහන්.

 

Related posts

දින කිහිපයක්ම රටේම වැඩ නවතින ලකුණු

Mohamed Dilsad

එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment