Trending Newsගොසිප්

පොහොට්ටුවට පණ දෙන්න බැසිල් යළි ලංකාවට ?

දේශපාලනයෙන් නිහඬව කාලයක් ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ලබන 20 වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

පසුගිය කාලයේ ඇමෙරිකාවේ කාලයක් ගත කළ බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස හදිසියේම මෙරටට පැමිණීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට බරපතළ අර්බුධයකට මුහුණ දීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු පක්ෂයේ ප්‍රතිසංවිධාන කඩිනම් කිරීමට ඔහුගේ අවධානය යොමුව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීන්දුවලට පිටින් තීන්දු ගැනීම සහ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කිරීමට ඉඩ තිබීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි.

පක්ෂයේ සම්පුර්ණ වගකීම තමන් සතු කරගැනීමෙන් පසු මහා පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂය ශක්තිමත් කිරීමටයි බැසිල්ගේ ප්‍රධාන සැලැස්ම වී තිබෙනවා.

ඇමෙරිකාවේ සිටින අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමඟ පණිවිඩ හුවමාරු කරගෙන ඇති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට ලක් කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධ පවතින තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා මැදිහත් වීම ද බැසිල් රාජපක්ෂ මහතාගේ මුලික අරමුණක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

තවත් ලක්ෂ නවයක් අස්වැසුම ඉල්ලයි

Editor O

“Buddha’s teachings help to create a better world” – Nepal President

Mohamed Dilsad

மூடப்படும் நிலையில் 900 KFC கடைகள் காரணம் இதோ….

Mohamed Dilsad

Leave a Comment