ගොසිප්

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට සමාජ මාධ්‍යයේ පුවතක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට සමාජ ජාල ඔස්සේ පුවතක් ප්‍රචාරය වී තිබේ.

කෙසේ නමුත් එම පුවත අසත්‍ය එකක් බවත් , අදාළ පුවත 2018 වසරේ දින 52 ආණ්ඩුව කාලයේ දී සිදුවූවක් බවත් අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

වර්තමානයේ අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් අස්වීමට කිසිඳු සාකච්ඡාවක් හෝ සිදුකර නැති බවත් බවත් යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

මීට අමතරව , තරුණ මන්ත්‍රීවරුන් මීටත් වඩා වැඩි වගකීමෙන් වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී දැඩිව සඳහන් කර තිබේ.

ඊයේ දින පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජනතාව විසින් ලබා දී ඇති ජනවරම අනුව සියලු දෙනා එක්ව රට වෙනුවෙන් වැඩ කළ යුතු බවත් පෙන්වා දී ඇති අග්‍රාමාත්‍යවරයා කණ්ඩායමේ සමගිය ආරක්ෂා කර ගත යුතු බවද පෙන්වාදී තිබේ.

සමගිය ඉතාම වැදගත් බෙදීම් හදාගතහොත් සිදුවන්නේ විනාශයක් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

තමන් මේ බව පවසන්නේ තම පනස් වසරක දේශපාලන ජීවිතයේ අත්දැකීම් ඇසුරින් බව ද ඔහු අවධාරණය කර ඇත.

Related posts

බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

නිරෝධායන නීති කඩ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කට නිසානේ ඔක්කොම නහින්නේ

Mohamed Dilsad

Leave a Comment