කලා

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

(UTV | කොළඹ) – ලොව වසඟ කළ ශ්‍රී ලාංකේය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඇතුළත් කරගෙන තිබෙනවා.

ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙකු වන අජේ දෙව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායකත්වය සපයන එම චිත්‍රපටය නම් කර ඇත්තේ, තෑන්ක් ගෝඩ් ලෙසින්.

එහි රූගතකිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

ඒ සඳහා ඇතුළත් කර ඇති මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපත ඉන්දීය ගී පද රචක රෂ්මි විරාග් රචනා කරන අතර, ටනිෂ්ක් බාචි විසින් එහි සංගීතය නිර්මාණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

Related posts

කරීනා නැවතත් මව් පදවියට

Mohamed Dilsad

මෙවර ලෝක රූ රැජිනගේ අනාගත සිහිනයක් හෙළි කරයි

Mohamed Dilsad

Raees පකිස්ථානය තුල තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment