කලා

මෙවර ලෝක රූ රැජිනගේ අනාගත සිහිනයක් හෙළි කරයි

(UTV|ඉන්දියාව) – මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළු පැළඳූ ඉන්දියාවේ මනුෂි චිල්ලාර් සිය අනාගත බලාපොරොත්තුවක් පිළිබඳව මාධ්‍යයට හෙළි කර තිබේ.

ඒ කෙදිනක හෝ සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සමග රඟපෑමට අවස්ථාව හිමි කර ගැනීමයි.

තමන්ට බොලිවුඩ් නිළියක් වීමට විශාල කැමැත්තක් නොමැති නමුත්  52 හැවිරිදි සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සමඟ රංගනයේ යෙදීම තම සිහිනයක් බව මනුෂි චිල්ලාර් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.

 

20 වැනි වියෙහි පසුවන මනුෂි ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පදිංචි වෛද්‍ය ශිෂ්‍යාවකි. අමීර් ඛාන්ගේ දියණියගේ වයස ද අවුරුදු 20ක් වේ.

හෘද ශල්‍ය වෛද්‍යවරියකවීමට අපේක්ෂා කරන ඇය ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ලාභ අපේක්ෂා නොකරන රෝහල් ඉදිකිරීමට ද ඉදිරියේ දී බලාපොරොත්තුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

මව් පදවියට සැරසෙන නිරූපණ ශිල්පිනී චමත්කා [PHOTOS]

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂ යුග දිවියට [PHOTOS]

Mohamed Dilsad

ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50යි.

Mohamed Dilsad

Leave a Comment