විදෙස්

ඔස්ට්‍රේලියානුවන් සඳහා Vaccine Passport නිකුත් කිරීම ඇරඹේ

(UTV |  ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියානුවන් සඳහා එන්නත්කරණ පිළිබඳ තොරතුරු ඇතුළත් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරෙනවා.

එන්නත්කරණ දත්ත සහ සංචාරය කල ස්ථාන පිළිබඳ සියලු තොරතුරු ඊට අන්තර්ගතයි.

අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් කිවු ආර් කේතය ඩවුන්ලෝඩ් කරගත යුතු වනවා.

මෙම ඩිජිටල් ගමන් බලපත්‍රය අයදුම් කිරීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටිය යුතු අතර වලංගු ගමන් බලපත්‍රයක් දැරිය යුතුයි.

ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් මෙම ඉලෙක්ට්‍රොනික ලියවිල්ල ලොව පුරා පහසුකම් සහිත ඕනෑම ගුවන් තොටුපළකදී ස්කෑන් කර පරීක්ෂා කර බැලිය හැකි වනවා.

ලබන පළමුවනදා සිට ඔස්ට්‍රේලියා දේශ සීමා විවෘත කිරීමේ තවත් පියවරක් ලෙසයි එන්නත්කරණ පිළිබඳ තොරතුරු ඇතුළත් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරෙන්නේ.

Related posts

සෞදියේ තෙල් නිෂ්පාදනය යථා තත්වයට

Mohamed Dilsad

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා ඇති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

ශ්‍රීදේවීගේ දේහය අද මුම්බායි වෙත ගෙන ඒමට නියමිතයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment