දේශීය

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි තීරණයක

(UTV | කොළඹ) – ලබන 21 වැනිදා බලහත්කාරයෙන් පාසල් විවෘත කිරීමට සූදානම් වුවහොත් ඊට එරෙහිව සියලු වෘත්තීය සමිති පෙළගස්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

සිය වැටුප් ගැටළුවට විසදුමක් නොලැබුණහොත් යළි පාසල් ආරම්භ කළ ද වැඩවර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියා සිටියේ.

මේ අතර, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව පිළිබඳ සොයා බැලීමට පත්කළ අමාත්‍ය අනුකමිටුවේ සාමාජික අමාත්‍ය, මහින්ද අමරවීර කියා සිටියේ රජය මෙන්ම ගුරු වෘත්තීය සමිති ද මේ මොහොතේ සිසුන් ගැන සිතා කටයුතු කළ යුතු බවයි.

Related posts

පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු නායකත්වය කාන්තාවකට

Editor O

කලුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment