දේශීය

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි තීරණයක

(UTV | කොළඹ) – ලබන 21 වැනිදා බලහත්කාරයෙන් පාසල් විවෘත කිරීමට සූදානම් වුවහොත් ඊට එරෙහිව සියලු වෘත්තීය සමිති පෙළගස්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

සිය වැටුප් ගැටළුවට විසදුමක් නොලැබුණහොත් යළි පාසල් ආරම්භ කළ ද වැඩවර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් කියා සිටියේ.

මේ අතර, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව පිළිබඳ සොයා බැලීමට පත්කළ අමාත්‍ය අනුකමිටුවේ සාමාජික අමාත්‍ය, මහින්ද අමරවීර කියා සිටියේ රජය මෙන්ම ගුරු වෘත්තීය සමිති ද මේ මොහොතේ සිසුන් ගැන සිතා කටයුතු කළ යුතු බවයි.

Related posts

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ගැන සොයන්න CID කණ්ඩායමක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

පොලිස් නිල නිවාසවල සිටින්නන් දැනුවත් කිරීමේ වැඩසටහනක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment