Trending Newsඑසැන පුවත්දේශීය

එකම මැතිවරණය වරින්වර පැවැත්වීමෙන් සැබෑ ජනමතය ප්‍රදර්ශනය වෙන්නේ නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම මැතිවරණ ක්‍රියාවලියේ නාමයෝජනා ඉතාමත් සංකීර්ණ බවත් එම ක්‍රියාවලිය සංකීර්ණ නොවී සරල කරන ලෙසට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවයි.

එබැවින් මැතිවරණ සංකීර්ණ බව අවම කර ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය සහතික කර දෙන්නැයි ඉල්ලමින් ඔහු කියා සිටියේ, ජනමතය යනු වරින් වර කෑලි කෑලි මත තීරණය කළ නොහැකි බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා : “ පළාත් පාලන මැතිවරණයේ මේ දවස්වල තද අවිනිශ්චතාවයකට මුහුණ දීලා තියෙනවා. ඒ තමයි නාමයෝජනා විශාල ප්‍රමාණයක් අවලංගු වීම ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගණනාවකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා සමහර පළාත්වල මැතිවරණය කල් යන්න ඉඩ තිබෙනවා කියලා වාර්තා වෙමින් තිබෙනවා. ඒක ඉතා බරපතල තත්වයක්. මොකද ජනමතය කියන එක වරින්වර කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ. විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රියාවලියේ නාමයෝජනා ඉතාමත් සංකීර්ණයි. අපි ඉල්ලනවා මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව ඇතිවෙච්ච මුහුණ දීපු මේ තත්වයන් සලකා බලලා රජයට යෝජනාවක් ඉදිරිපත් කරන්න මේ මැතිවරණ ක්‍රියාවලිය සංකීර්ණ නොවී තවදුරටත් සරල කරන්න. එගොලන්ට පුලුවන් මැතිවරණ කොමිසම හැටියට නිර්දේශ ඉදිරිපත් කරන්න. එතකොට පනතට සංශෝධන ටික ගේන්න ආණ්ඩුවට පුලූවන්. ඒ නිසා මැතිවරණ කොමිසම කරුණාකරලා මේ මැතිවරණ සංකීර්ණ බව අවම කරලා ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වන ඡන්ද අයිතිය සහතික කරලා කුමන පක්ෂකයට හෝ කුමන පුද්ගලයෙකුට ලබා දෙන්න කියන අයිතිය ආරක්ෂා කරලා දෙන්න” යැයි ද කීවේය.

Related posts

Suspect arrested with yen worth to Rs.8.1M

Mohamed Dilsad

மக்கள் ஆணை வழங்கினால் அரசியலிருந்து ஓய்வு பெறத் தயார் – சஜித் [VIDEO]

Mohamed Dilsad

ஜோன் அமரதுங்கவிற்கு அகில இலங்கை ஊடகவியலாளர் சம்மேளனம் கண்டனம்!

Mohamed Dilsad

Leave a Comment