දේශීය

කලුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

(UTV | කලුතර) – හෙට (12) පෙරවරු 8 සිට පැය 10 හමාරකකලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, උතුරු හා දකුණු කලුතර සහ කටුකුරුන්ද ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලාත්මක වන අතර නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල, මග්ගොන සහ බේරුවල අනෙක් ප්‍රදේශ වේ.

කලුවාමෝදර, මොරගල්ල, බෙන්තොට, අලුත්ගම හා දර්ගා නගරයටද හෙට පෙරවරු 8 සිට පැය 10 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරන අලුත්වැඩියාවක් හමුවේ කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයුම නතරවීම මීට හේතුව වී තිබේ.

Related posts

පාසල් පැවැත්වෙන දිනවල වාහන ධාවනය පිළිබඳ විශේෂ තීරණයක්

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

මන්ත්‍රී නිවාස සංකීර්ණයට හමුදාවත් දායි

Mohamed Dilsad

Leave a Comment