Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් පැවැත්වෙන දිනවල වාහන ධාවනය පිළිබඳ විශේෂ තීරණයක්

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ  11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු  සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ  අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පවසන්නේ, වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි

ඉහත සඳහන් කාලසීමාවන් තුළ  ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතුයි.

නැවත ප්‍රවාහන කටයුතු ආරම්භ කළ හැකි වන්නේ ඉහත වේලාවල්වලින් අනතුරුව බව පැවසේ.

පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම දැනුවත් කිරීම් සිදු කර තිබෙන බවද සඳහන් වේ.

Related posts

இலங்கை அணி சுரங்க லக்மாலிடம்…

Mohamed Dilsad

ඇතමුන් වේදිකාවල පොරොන්දු දී යන විට, මම වේදිකාවට එන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

‘Heenatiyana Sanka’ arrested

Mohamed Dilsad

Leave a Comment