සර්ව ජන බල පක්ෂය ජනතාවට ව්‍යවසායකත්වය මනසට ලබා දී රට දියුණුව කරා රැගෙන යන පක්ෂයක් බව එම පක්ෂයේ නායක, ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි..
දිලිත් ජයවීර මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටියේ ලක්ෂපාන ප්‍රදේශයේ එම පක්ෂයේ රැස්වීම් කිහිපයකට එක් වෙමින් ඒ බව කියා සිටියේය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මන්ත්‍රීවරවයා කියා සිටියේ. ආණ්ඩුව 74 වසරෙන් අවුරුදු 50කට වැඩිය කරලා තියෙන්නේ මේ රටට එකතු කරා සෘණාත්මක මානසිකත්වයක්. ඒක තමයි කරපු ලොකුම හානිය. මම කියන්නේ නෑ හිටපු ආණ්ඩු ඔක්කම හොදට කරා කියලා. මම දිගින් දිගටම ඒක කථා කරපු කෙනෙක්. මම කියනවා 77න් පස්සේ ලංකාවේ දේශපාලනය දුෂණයට ලක් වුණා. දේශපාලඥයන් දූෂිත පුද්ගලයන් බවට පත් වුණා. ඊටත් වඩැ නරක නිවට, නියාලු, කුහක, ඉරිසියාවෙන් පිරුණු, වෛරයෙන් පිරුණු, උද්දච්චකමත් ඒකට එකතු වුණු මේ දේශපාලනය ඊට වඩා විශාල හානියක් මහපොළවේ කරන. එයින් කවුරුත් ගොඩ එන්නේ නෑ. ඒක නිසා මේකට විසදුමක් මේ රටේ අහින්සක ජනතාවට අයිති විය යුතු යැයි විශ්වාස කරන කණ්ඩායමක් හැටියටයි අපි අපේ කාලය ගැනවත්, වෙනත් ජීවිතයේ අවස්ථාවන් ගැනවත් නොසලකා මෙහෙම ගමින් ගමට යන්නේ.
ඒ විෂ්වාසය ඇතුව ඔබගේ මනසේ තියන ආකල්ප නැති කරලා. ඔබට නැගිටින්නට පුළුවන් ඔබගේ ස්වශක්තිය පිලිබද විශ්වාසය තියන්න. ඔබගේ ආත්ම විශ්වාසය වැඩි කරලා, ඔබගේ මනසට නිර්මාණශීලිත්ව දීලා, මේ ව්‍යවසායකත්වය කියන මනසට ඔබව දීලා, ඔබවත් එකතු කරගෙන ගමනක් යන්න ඕන.
විශේෂයෙන්ම අප මේ කථා කරන සංකල්පය ආණ්ඩුව අරන් කරන්න හදන වැඩක් නෙවෙයි මේ සර්ව ජන සභා කියන්නේ යනුවෙන් පැවසිය.
මෙම අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද සහභාගි විය.
– රංජිත් රාජපක්ෂ
