Trending Newsඑසැන පුවත්දේශීය

බිනර පෝය අද

බිනර පුර පසළොස්වක පෝය අද (07)ට යෙදී තිබේ.

මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි.

ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මග විවෘත කළ බව සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.

එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව බුදු හිමියන් වදාළ අතර මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි විය.

භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනක ය.

ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදි කිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදුවීම ය.

Related posts

කොවිඩ් රෝගීන්ට පෞද්ගලික රෝහල් වලිනුත් ප්‍රතිකාර ගන්න ඉඩ දෙන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

ඩොලරයේ මිල තීරණය වූ ආකාරය

Editor O

கனடா – வான்கூவர் தீவில் நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment