දේශීය

කොවිඩ් රෝගීන්ට පෞද්ගලික රෝහල් වලිනුත් ප්‍රතිකාර ගන්න ඉඩ දෙන ලෙස ඉල්ලීමක්

(UTV |කොළඹ) – කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෛද්‍ය විශේෂඥයින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ එම රෝගීන් කැමතිනම් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග වෛද්‍ය විශේෂඥයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ඊයේ (03) හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ එම හමුව සඳහා එක් වූහ.

ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබාගැනීමට ආසාදිත පුද්ගලයින් කැමතිනම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවය.

එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අඩු කරගත හැකි බවත් ඒ ඔස්සේ රජයේ රෝහල් වල ප්‍රතිකාර ගැනීමට අඩු ආදායම්ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.

Related posts

කොරෝනා ආසාධිතයන් 43 ක් දක්වා ඉහළ යයි

Mohamed Dilsad

සමාජ මාධ්‍යයේ යන රාත්‍රි සමාජ ශාලාවේ ගැටුමට මගේ කිසිදු සම්බන්ධයක් නැහැ – ‍යෝෂිත රාජපක්ෂ

Editor O

මගී බස් රථයක් තාප්පයක් කඩාගෙන යයි

Mohamed Dilsad

Leave a Comment