දේශීය

පාසල් සිසුන්ට එන්නත් දීම කොළඹින් ඇරඹේ

(UTV | කොළඹ) – වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද (15) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භවීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4කට අයත් පාසල් දරුවන් සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා එන්නත්කරණ වැඩසටහන සිදු කෙරෙනවා.

කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් 4ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරන වැඩසටහන සිදු කරන්නේ එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සඳහා පමණක් බවයි සඳහන් කළේ.

ඒ අනුව අනෙකුත් එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන පහතින්,

සාන්ත බෙනඩික් විද්‍යාලයට පැමිණිය යුතු පාසල් සිසුන්.

* සාන්ත බෙනඩික් විද්‍යාලය
* යහපත් එඩේරාගේ කන්‍යාරාමය
* යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ)
* කුමාර කණිෂ්ඨ විද්‍යාලය

විවේකානන්ද විද්‍යාලයට පැමිණිය යුතු පාසල් සිසුන්.

* කනපති විද්‍යාලය
* වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය
* විවේකානන්ද විද්‍යාලය
* අල් හකීම් විද්‍යාලය
* මැද කොළඹ හින්දු විද්‍යාලය

මොරටු මහා විද්‍යාලයට පැමිණිය යුතු පාසල් සිසුන්.

* මෙතෝදිස්ත උසස් විද්‍යාලය
* අර්ෆත් මුස්ලිම් විද්‍යාලය
* ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය

දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට පැමිණිය යුතු පාසල් සිසුන්.

* එස් ද එස් ජයසිංහ විද්‍යාලය
* ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය
* නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය
* ඇලීතියා විද්‍යාලය.

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයට පැමිණිය යුතු පාසල් සිසුන්.

* ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය
* ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

හෝමාගම කලාපයේ එන්නත්කරණය සිදු කරන ස්ථාන

* හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
* මහින්ද රාජපක්ෂ විද්‍යාලය – පිටිපන
* දීපංගොඩ මහා විද්‍යාලය
* සිරි පියරතන මහා විද්‍යාලය පාදුක්ක
* සීතාවක මධ්‍ය මහා විද්‍යාලය
* මායාදුන්න මහා විද්‍යාලය

පිළියන්දල කලාපයේ එන්නත්කරණය සිදු කරන ස්ථාන

* මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (අදාළ පාසලේ සිසු සිසුවියන් සඳහා පමණයි)
* කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය (අදාළ පාසලේ සිසු සිසුවියන් සඳහා පමණයි)
* පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (අදාළ පාසලේ සිසු සිසුවියන් සඳහා පමණයි)
* බොරලැස්ගමුව මහා විද්‍යාලය (අදාළ පාසලේ සිසු සිසුවියන් සඳහා පමණයි)

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණය සිදු කරන ස්ථාන

* මාලබේ රාහුල බාලිකා විද්‍යාලය
* මහරගම මධ්‍ය මහා විද්‍යාලය
* අංගොඩ රාහුල විද්‍යාලය
* නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය

Related posts

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන්, සියයට 66%ක් කුමන හෝ අවධානම් තත්ත්වයක්

Editor O

දීපවාලී උත්සවය සමරන හින්දු බැතිමතුන්ට පොලිසියෙන් දැනුවත් කිරීමක්

Mohamed Dilsad

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ට

Editor O

Leave a Comment