දේශීයවිදෙස්

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

(UTV | ඉන්දියාව) – වසරකට වැඩි කාලයක් දේශ සීමා වසා තැබීම අවසන් කරමින් අද සිට නැවතත් විදේශිකයන්ට රටට ඇතුලුවීමට ඉන්දියාව අවසර දී තිඛෙනවා.

කෙසේවෙතත් පළමු අධියරේදී පැමිණිමට අවසර ලැබී ඇත්තේ කුලී ගුවන් යානා මගින් ඉන්දියාවට පැමිණෙන පුද්ගලයන්ට පමණයි.

සාමාන්‍ය මගී ගුවන් යානා හරහා පැමිණෙන පුද්ගලයන්ට නොවැම්බර් 15 වනදා සිට රටට ඇතුලුවීම සඳහා අවසර දෙන බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.

කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්දීය රජය තීරණය කලේ සියලු විදේශිකයන්ට සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවීමටයි.

අද සිට නැවතත් සංචාරක වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමටද ඉන්දියාව තීරණය කර තිඛෙනවා.

Related posts

මැලේරියාව යළි ව්‍යාප්තවීමේ අවධානමක්…¡

Editor O

සංචාරකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

ලබන 14 තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණයේ නඩු විභාග නවතී

Mohamed Dilsad

Leave a Comment