දේශීයව්‍යාපාරික

දේශීය කිරිපිටි මිලත් ඉහළ දැමීමට සූදානම්

(UTV | කොළඹ) – දේශීය කිරිපිටි මිල ගණන්ද ඉහළ දැමීමට සූදානම් වන බව වාර්තාවනවා.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470ක් දක්වා ඉහළ දැමීමටයි මිල්කෝ සමාගමේ අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නොමැති බව එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ කියා සිටියේ.

එමෙන්ම, පැල්වත්ත සමාගමද දැනටමත් කිරිපිටි මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා. ඒ, රුපියල් 380ක්ව පැවති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 460ක් ලෙස මිල නියම කරමින්.

ඩොලර් අර්බුදය හමුවේ ආනයනික කිරිපිටි සමාගම් පසුගිය 09 වැනි දා සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 250කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 1,195ක් ලෙසයි.

ග්‍රෑම් හාරසියයේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 480ක් ලෙස සටහන් වුණා.

Related posts

2021 අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මහනුවර කොටුව නව දුම්රියක්

Mohamed Dilsad

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට යන කාලය දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment