ක්‍රීඩා

IPL අවසන් මහා තරගය අදයි

(UTV |  ඩුබායි) – මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ අවසන් මහ තරගය ඩුබායි හි දී අද(15) පැවැත්වෙනවා.

අදියර දෙකක් යටතේ පැවති අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ, චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමයි.

කොල්කටා පිල එංගලන්ත ක්‍රීඩක ඔයින් මෝගන් විසින් මෙහෙයවන අතර, චෙන්නායි පිල මෙහෙයවන්නේ මහේන්ද්‍ර සිං දෝණි විසින්.

කොල්කටා කණ්ඩායම මෙවර තරග වදින්නේ, තුන්වැනි වරටත් අයි.පී.එල්. ශූරතාව දිනාගැනීමටයි.

චෙන්නායි පිල ද මීට පෙර තුන් වතාවක් අයි.පී.එල්. ශූරයන් බවට පත්ව තිබෙනවා.

කොල්කටා නයිට්රයිඩර්ස් පිලට දෙවරක් අයි.පී.එල්. ජයග්‍රහණය කිරීමට දායක වූ බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් මෙම තරගය සඳහා කණ්ඩායමට එක්වීම කොල්කටා කණ්ඩායමට වාසිදායක තත්වයක් ලෙසයි සැළකෙන්නේ.

Related posts

දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ,එක්දින ක්‍රිකට් කණ්ඩායම් වල සිටින අපේ දක්‍ෂයින්[PHOTOS]

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට එංගලන්ත පිළට අවසර

Mohamed Dilsad

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණ

Mohamed Dilsad

Leave a Comment