ක්‍රීඩා

දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට එංගලන්ත පිළට අවසර

(UTV | දකුණු අප්‍රිකාව) – එළඹෙන නොවැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරට රජයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 09 වනදා දක්වා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ රැඳී සිටීමට නියමිත අතර එහිදී පන්දුවාර 20 තරඟ 03 කට සහ එක්දින තරඟ 03 කට එංගලන්ත කණ්ඩායම සහභාගි වනු ඇත.

කෙසේ වෙතත්, කොරෝනා තත්ත්වය හමුවේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කඩිනමින් දකුණු අප්‍රිකාව වෙත පැමිණෙනු ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

 

Related posts

ශ්‍රී ලංකා – ඉන්දියා 20 විස්ස තරගාවලිය ලබන ඉරිදා

Mohamed Dilsad

පැතුම් වෙනුවට ඕෂධ තරඟයට

Mohamed Dilsad

පාකිස්තාන ක්‍රිකට් පුහුණුවීම් කල් යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment