ක්‍රීඩා

දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ,එක්දින ක්‍රිකට් කණ්ඩායම් වල සිටින අපේ දක්‍ෂයින්[PHOTOS]

(UTV |කොළඹ) – දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ,එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසිනි.

මේ අනුව 2011 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මෙම වසරේ ඔක්තෝබර් 7වැනිදා දක්වා අතර කාළය තුළදි ජගත් ක්‍රිකට් පිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් පදනම් කර ගනිමින් මෙම නම් කිරිම කර තිබේ.

මේ අනුව විරාත් කෝලි නායකත්වය දරණ දශකයේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරය.

මහේන්ද්‍ර සිං දෝනි දශකයේ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායම නායකත්වය ලබා දෙන අතර එම කණ්ඩායම් දෙකටම ලසිත් මාලිංග ඇතුළත් වෙයි.

හෙට දිනයේදී දශකයේ විශිෂ්ඨතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ඇතුළු අනෙකුත් සම්මාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Related posts

ඉන්දීය කණ්ඩායමට යළිත් දඩයක් නියම වෙයි

Mohamed Dilsad

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද තරඟවදී

Mohamed Dilsad

ඉර්ෆාන් පඨන් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment