ක්‍රීඩා

LPL ක්‍රීඩක වෙන්දේසිය 29 වැනිදා

(UTV | කොළඹ) – ලබන දෙසැම්බර් මස 04 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 677 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවට සඳහන් වේ.

විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සඳහා ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා සිට මේ මස 05 වැනිදා දහවල් 12.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා දී තිබිණි.

ලියාපදිංචි ක්‍රීඩකයින් අතරින් හොඳම ක්‍රීඩකයින් 200 ක් පමණ තෝරාගෙන ලබන 29 වැනිදා එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

එල්.පී.එල්. තරගාවලිය සඳහා මේ වසර ඇතුළත ක්‍රීඩක වෙන්දේසිය සිදු වූ දෙවැනි අවස්ථාව මෙය විය.

අදාළ තරගාවලිය මීට ඉහතදී ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට සූදානම්ව තිබියදී ඉකුත් ජුනි 21 වැනිදා සිට 27 වැනිදා දක්වා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය පළමු වරට සිදු විය.

උද්ගත වයිරස තත්ත්වය සහ විදෙස් ක්‍රීඩකයින්ගේ කාර්යබහුල ක්‍රිකට් කාලසටහන හමුවේ එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට නොහැකි වූ අතර එවර ලියාපදිංචි වූ මුළු ක්‍රීඩකයින් සංඛ්‍යාව 630ක් වශයෙන් දැක්විණි. මෙවර එම ක්‍රීඩකයින්ගේ ලියාපදිංචිය 47ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

මීට අමතරව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් 380 දෙනෙකුද මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටී. ඒ අතරින් ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රිකට් තේරීම් කමිටුව මගින් සිදුවනු ඇත.

Related posts

තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න 11 වෙනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

Mohamed Dilsad

කෝලි ඇතුළු ක්‍රීඩකයින් ආසියානු කුසලානයට නොඑන හේතුව

Mohamed Dilsad

Leave a Comment