විදෙස්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

(UTV | කොළඹ) – ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබේ.

අදාළ දේවස්ථානයේ ඊයේ සිදු වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50කට අධික පිරිසක් මියගොස් තවත් සිය දෙනෙකු පමණ තුවාල ලැබීය.

අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමෙන් අනතුරුව එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු මැදිහත්වීම් අවසන්වීමෙන් පසු අමෙරිකානු නියෝජිතයින් සහ තලෙබාන් නියෝජිතයින් අතර පළමු සාකච්ඡාව අද දිනයේ දෝහාර් හිදී පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා නීති කැඩූ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට පාකිස්තානයෙන් චෝදනා

Mohamed Dilsad

Leave a Comment