විදෙස්

ත්‍රස්ත ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට පාකිස්තානයෙන් චෝදනා

(UTV | පාකිස්තානය) – පසුගිය 29 වනදා කොටස් වෙළඳපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට කිසිඳු සැකයක් නොමැති බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තු සභා රැස්වීමේදී ප්‍රකාශකර තිබේ.

කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොළට නාදුනන තුවක්කුකරුවන් සිව් දෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එහි රැදී සිටි ආරක්ෂක නිළධාරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

පාකිස්ථාන අගමැතිවරයා ප්‍රකාශ කළේ කරච්චි නුවරට ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට තමන් වෙත බුද්ධි තොරතුරු පෙර සිටම ලැබී තිබූ බවයි.

කෙසේ වෙතත් පාකිස්ථානය එල්ල කරන චෝදනා සියල්ල ඉන්දියාව ප්‍රතික්ෂේප කරන අතර කොටස් වෙළඳපොළට එල්ල වූ ප්‍රහාරයේ වඟකීම බලුචිස්ථාන්හි ක්‍රියාත්මක බී.එල්.ඒ. බෙදුම්වාදි සංවිධානය භාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

ඇමරිකානු ජනපති දිවුරුම් දීම අතරතුර විරෝධතාකරුවන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය වසා දැමෙන කාලය දිගු කරයි

Mohamed Dilsad

ඩුබායි නගර සභාව විසින් නීති විරෝධී දුම්වැටි අලෙවියට තිත තබයි

Mohamed Dilsad

Leave a Comment