විදෙස්

අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

(UTVමියන්මාරය) – මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකී ව වසර 4කට සිරගත කර ඇතැයි වාර්තා වෙයි.

ඇයට එරෙහිව චෝදනා රාශියක් ගොනුකර තිබූ අතර අනවසරයෙන් “ගමන් කථනයක්” තමා සතුව තබා ගැනීම ඉන් එක චෝදනාවකි.

එරට ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින්, එම උපකරණ තමා සතුව තබාගෙන සිටි බවටද ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක් ද ලබාදිය යුතු බවට නියෝග කර තිබුණි.

එම දඬුවම් ද්විත්වයම එකවර ගෙවීයන පරිදි නියෝගය නිකුත්කර තිබුණි.

Related posts

ප්‍රියංකා දේශපාලනයට පැමිණෙයි…

Mohamed Dilsad

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

Leave a Comment