විදෙස්

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

(උදයම්,ඇමෙරිකාව)  –  උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු සාකච්ඡා පවත්වති.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වෙත දුරකථන ඇමතුමක් ලබාදී  මේ පිලිබඳ කතාබහ කළ බව වාර්තාවේ.
මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි මතයක සිට කටයුතු කරන බවය.

එය ඇමරිකාවේ වගකීම බවද ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා වෙත පොරොන්දුවක් ලබාදුන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජපානය ඇතුලු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන්ද ඇමරිකාව පෙනී සිටින බවය.

උතුරු කොරියාව සම්බන්ධයෙන් චීනයේ හැසිරීම පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන බවයි ජපන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

Related posts

ඉන්දියාවේ කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

දින ගණනකට පසු නවසීලන්තයේ නැවතත් කොරෝනා

Mohamed Dilsad

මෙරට ආයම්මා කෙනෙකු මව් තනතුරේ තැබූ එමීර් තරුණයා

Mohamed Dilsad

Leave a Comment