ක්‍රීඩා

අද 20යි විස්සේ නීති දැඩි

(උදයම්,කොළඹ)   –  බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද  රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

අද දිනයේ ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන අයුරින් හැසිරෙන ක්‍රිඩාලෝලීන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

විශේෂයෙන් රට තුළ පවතින ගැටළු ක්‍රීඩාංගනයට රැගෙන එන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙහිදී  දැඩි අවධානයක් යොමු කරන බවශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

පසුගියදා පැවති පළමු පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී ප්‍රේක්ෂකාගාරය තුළ සරසවි සිසුන් පිරිසක් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරේම සඳහා විරෝධතා වැකි සහිත  ටී ෂර්ට් ඇඳ විරෝධතා පුවරු රැගෙන සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

මේ නිසා අද තරගයේදී ඒ පිලිබඳ අවදානය යොමු කර එවැනි පිරිස් ක්‍රීඩාගාරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩාංගණයේ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ක්‍රිකට් ක්‍රිකට් ආයතනය පවසයි.

Related posts

නිකොලස් පූරන්ට තරඟ 4ක තහනමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට

Mohamed Dilsad

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment