දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) – දීමනා සහ සහන කප්පාදුව ඇතුළු ප්‍රධාන කරුණු නවයක් මුල්කරගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද (ඔක්. 8) පෙරවරු 7.00 සිට පස්වරු 12.30 දක්වා පැය 5 1/2ක කාලයක් සේවාවෙන් ඉවත්වීමේ වර්ජන ක්‍රියාමාර්ගයක් හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

වෘත්තීය සමිති 41ක් ඒකාබද්ධව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ලෙස සැප්තැම්බර් 22 හා 27 දිනවල සේවාවෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ග සාර්ථක වුව ද මේ දක්වා සාධාරණ විසඳුමක් ලබානොදී සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා මගහරිමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

මානුෂික පදනම සලකා දිවයිනේ සියලු කොවිඩ් රෝහල්වලත්, රිජ්වේ රෝහල, අපේක්ෂා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල වැනි විශේෂ රෝහල් 16ක මෙම සේවාවෙන් ඉවත්වීමේ වර්ජන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය හදිසි සේවාවන් පවත්වාගෙන යන අතර අත්‍යවශ්‍ය රෝගී ප්‍රතිකාරයන් උපරිමයෙන් සිදුකිරීමට කටයුතු කරන බව ද එම වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

මෙම කාලය තුළ සේවා අඩාලවීමේ වගකීම්, සාකච්ඡා මගහරින සෞඛ්‍ය ඇමතිවරයා හා ආණ්ඩුව භාර ගතයුතු බව ද සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

Related posts

මේ වසරේ පළමු මාස 03ට අලුත් වාහන 37,000ක් ලියාපදිංචි කරලා.

Editor O

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

Mohamed Dilsad

Leave a Comment