දේශීය

නිරූපමා රාජපක්ෂගේ සැමියා අල්ලස් කොමිසමට පැමිණෙයි

(UTV | කොළඹ) – පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඒ, පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඒ මහතාට අද (ඔක්. 8) පැමිණෙන ලෙස කොමිසමෙන් සිදු කරන ලද දැනුම් දීමකට අනුව ය.

එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළේ, ඉදිරියේදී නිරූපමා රාජපක්ෂ මහත්මිය ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවන බවය.

පැන්ඩෝරා පත්‍රිකාවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවී ඇති කරුණු පිළිබඳව මසක් තුළ පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරයා ඔක්. 6 වන දා උපදෙස් දී තිබිණි.

Related posts

යළිත් රට වහනවා ද නැද් ද? – තීරණය අද

Mohamed Dilsad

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍ර ගාස්තුව 2,000 සිට රු 15000ක් දක්වා ඉහළට

Editor O

ගුරුවරු 40,000ක් අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment