දේශීය

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්

(UTV | කොළඹ) – මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් හා නෛතික රාමුව මුදල් අමාත්‍යාංශය වෙත පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා ඉල්ලා අස් වූ අතර, මහ බැංකු අධිපති ධූරයට පත්කරනු ලැබීය.

ඒ අනුවයි එහි කාර්යයන් හා ආයතන මුදල් අමාත්‍යාංශය වෙත පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බලතල පුලුල් කරමින් ජනාධිපතිවරයා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාවට පැවරී ඇති කාර්ය භාරය ඵලදායීව ඉටු කිරීම සඳහා අතිරේක බලතල අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණා.

ඒ අනුවයි ජනාධිපතිවරයා සිය බලතල අනුව එම අතිරේක බලතල පවරා දී ඇත.

Related posts

ඡන්ද ප්‍රතික්කේෂ වීම පිළිබඳව අධ්‍යනයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

Editor O

ඩොලරය ඉහළ යෑම සමග ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණයත් ඉහළට

Editor O

වී මිල ඉහළ දමනවා – කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment