දේශීය

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්

(UTV | කොළඹ) – මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් හා නෛතික රාමුව මුදල් අමාත්‍යාංශය වෙත පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා ඉල්ලා අස් වූ අතර, මහ බැංකු අධිපති ධූරයට පත්කරනු ලැබීය.

ඒ අනුවයි එහි කාර්යයන් හා ආයතන මුදල් අමාත්‍යාංශය වෙත පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බලතල පුලුල් කරමින් ජනාධිපතිවරයා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාවට පැවරී ඇති කාර්ය භාරය ඵලදායීව ඉටු කිරීම සඳහා අතිරේක බලතල අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණා.

ඒ අනුවයි ජනාධිපතිවරයා සිය බලතල අනුව එම අතිරේක බලතල පවරා දී ඇත.

Related posts

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

Mohamed Dilsad

තොරතුරු තාක්ෂණ බද්දෙන් රුපියල් කෝටි 1300ක ආදායමක්..?

Editor O

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ එකඟතාවක

Editor O

Leave a Comment