Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද ප්‍රතික්කේෂ වීම පිළිබඳව අධ්‍යනයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

ජනාධිපතිවරණයේ ප්‍රතික්‍ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව විශ්ලේෂණයක් සිදු කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ 2024 ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. එම ප්‍රතිශතය සියයට 2.2% කි.

2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූ මුළු ඡන්ද සංඛ්‍යාව 135,452ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 0.85% කි. එම අගය 2024 ජනාධිපතිවරණයේ වාර්තා වූ සංඛ්‍යාවට වඩා අඩු අගයක් බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

එබැවින් ඡන්ද ප්‍රතික්කේෂපවීමට හේතු වූ කරුණු පිළිබඳ විශ්ලේෂණය කිරීමට අදහස් කර ඇතැයි ද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සඳහන් කරයි.

Related posts

TNA to support UNF Government

Mohamed Dilsad

“Hope Sri Lanka will soon come out of current predicament” – Former Maldives President

Mohamed Dilsad

“Ragging- Take action against Uni students responsible” – Maithripala Sirisena

Mohamed Dilsad

Leave a Comment