දේශීය

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබාදීමට තීරණයක්

(UTV | කොළඹ) – සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය වහා ම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ(27) තීරණය කළා.

මේ අතර වෙළඳපොළේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහා ම ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 95කට ද නාඩු කිලෝවක් රුපියල් 98ක් ද සම්බා කිලෝවක් රුපියල් 103කට ද කීරි සම්බා කිලෝවක් රුපියල් 125කට ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඊයේ පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවේ, සූම් තාක්ෂණය ඔස්සේ යි.

මේ අතර කිරිපිටි කිලෝවක් රුපියල් 200කින් ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550කින් ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50කින් සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබූ නමුත් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ.

එමෙන්ම, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විසර්ජන පනත් කෙටුම්පතට ද අනුමැතිය හිමි ව තිබෙනවා.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් සපයන්නැ යි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම ඩොලර් ප්‍රමාණය අද දින නිකුත් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි ඔහු කියා සිටියේ.

Related posts

සැලසුම් රැසක් සමග ශ්‍රී ලංකාව හෙට පිටියට

Mohamed Dilsad

මහියංගණයේ – ගිරාදුරුකෝට්ටේ නගරවල සියලු කඩ සාප්පු වසා දමයි

Mohamed Dilsad

ජනපති අද ජනතා ගැටළු සොයන්න මාතලේට

Mohamed Dilsad

Leave a Comment