දේශීය

SJB මෙවර මැයි දිනය මහනුවරදී

(UTV | කොළඹ) – මෙවර මැයි දිනය මහනුවරදී පැවැත්වීමටද සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

මැයි පළමුවනදා පස්වරු එකට එය ආරම්භ කෙරෙන අතර සෑම පළාතකින්ම නියෝජිතයන් ඊට සහභාගීවීමට නියමිතයි.

ඡන්දපොළ මට්ටමින් සංවිධාන ශක්තිමත් කරන ව්‍යාපාරයක් ජන පවුර නමින් ගොඩනැගීම තවත් සැළසුමක්.

මේ අතර සමගි ජන බලවේගයේ ජාතික සමුළුව ජූලි මස 28 වෙනිදා කොළඹදී පැවැත්වෙන්නේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතගේ ප්‍රධානත්වයෙනුයි.

ජන පවුර නියාමකවරුන් දොළොස්දහසක් ඊට සහභාගී වීමට නියමිතයි.

ඒ අනුව සෑම ඡන්ද පොළකින්ම තෝරාගත් ජන පවුර නියාමකවරයෙකු එම සමුළුවට සහභාගි වනු ඇති.

සමගි ජනබලවේගයේ ජාතික සමුළුව ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමටත් සැළසුම් කර ඇති බවයි තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ.

Related posts

හිටපු අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

Mohamed Dilsad

පාතාල නායක ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment