දේශීය

අදත් පැය 7කට අධික කාලයක් විදුලිය නෑ

(UTV | කොළඹ) – අද(29) දිනයේ පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පෙරවරු 8:00 සිට පස්වරු 6:00 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලි කප්පාදු කිරීමට සහ පස්වරු 6:00 සිට රාත්‍රී 11:00 අතර කාලය තුළ පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

එමෙන්ම P,Q,R,S,T,U,V,W කලාප සඳහා පෙරවරු 8:30 සිට පස්වරු 6:30 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සහ පස්වරු 6:30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.

අද විදුලි කප්පාදුවට කාලසටහන මෙතනින් බලන්න

Related posts

පාස්කු ප්‍රහාරය – කාදිනල් හිමිගේ පෙත්සම සලකා බැලීමට තීරණයක්

Mohamed Dilsad

සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී ඉඩක් නැහැ – ජනාධිපති අනුර දිසානායක

Editor O

සාමදාන විනිශ්චයකාරවරුන් පිළිබඳ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment