දේශීය

අදත් පැය 7කට අධික කාලයක් විදුලිය නෑ

(UTV | කොළඹ) – අද(29) දිනයේ පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පෙරවරු 8:00 සිට පස්වරු 6:00 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලි කප්පාදු කිරීමට සහ පස්වරු 6:00 සිට රාත්‍රී 11:00 අතර කාලය තුළ පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

එමෙන්ම P,Q,R,S,T,U,V,W කලාප සඳහා පෙරවරු 8:30 සිට පස්වරු 6:30 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සහ පස්වරු 6:30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.

අද විදුලි කප්පාදුවට කාලසටහන මෙතනින් බලන්න

Related posts

සමස්ත ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි

Mohamed Dilsad

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

කොවිඩ්-19 ණය අයදුම්පත් 61,907 ක් සඳහා බිලියන 178 ක් අනුමත කරයි

Mohamed Dilsad

Leave a Comment