දේශීය

පාස්කු ප්‍රහාරය – කාදිනල් හිමිගේ පෙත්සම සලකා බැලීමට තීරණයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් නිකුත්කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සම සලකාබැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කළේය.

 

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන්නේය.

 

එම පෙත්සම අද (27) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ ලේඛන ගොනුකරන ලෙස අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියම කළේය.

 

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන සහ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත්කළ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි 09 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

 

පෙත්සම ගොනුකළ කාදිනල් හිමිපාණන් කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගන්නා ලෙස ඒ පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ නිකුත් කර ඇති බවය.

 

එම නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණෝ ඒවා ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා සිටියහ.

 

 

Related posts

ගම්පහ සහ කළුතර පාසැල් පෙබරවාරි 15 විවෘත කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ජලයෙන් යටවූ හලාවත මහ රෝහල තාවකාලිකව වසා දමයි

Editor O

රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට පියවර

Mohamed Dilsad

Leave a Comment