දේශීය

රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට පියවර

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කොමිෂන් සභාව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මත මෙම සහන හිමි වන බවයි.

ඒ අනුව රක්ෂණ වාරික ගෙවීම සඳහා මාස 03 ක සහන කාල සීමාවක් ලබාදීමට කටයුතු කර ඇති අතර එම සහන කාල සීමාව සාමාන්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම ජිවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ද අදාල වන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

එම කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේ සහන කාල සීමාව තුළ රක්ෂණ ඔප්පු ප්‍රාණවත්ව පවතින බැවින් රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ වලට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.

Related posts

හැඳලත් සැක සහිත රෝගීන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ජූනි මාසේ ලැබුණු ඩොලර් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment