දේශීය

අද පස්වරු 6 සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

(UTV | කොළඹ) – අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු පැවසුවේ බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 45,000කට වැඩි පිරිසක් යොදවා තිබේ.

ඇඳිරි නීතිය කඩ කළහොත් එසේත් නැතිනම් ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කළහොත් ඒ සඳහා ඉතා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

අදත් පැය 2යි මිනිත්තු 20ක කාලයකට විදුලිය නැහැ

Mohamed Dilsad

රාගම – වැලිසර රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 27 ක් නිරෝධායනයට

Mohamed Dilsad

තවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment