දේශීය

තද වැසි පිළිබඳ කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්

(UTV | කොළඹ) – නිරිත දිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි වැසි ඇතිවිය හැකි බව අදාළ නිවේදනයේ සඳහන් ය.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Related posts

කොරෝනා වැළඳුණු ශානි IDH රෝහලට මාරුකර එවයි

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් අද දිවයිනට

Mohamed Dilsad

වෙලේ සුදාට මුදල් රැගෙන ආ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment