දේශීය

තද වැසි පිළිබඳ කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්

(UTV | කොළඹ) – නිරිත දිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි වැසි ඇතිවිය හැකි බව අදාළ නිවේදනයේ සඳහන් ය.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Related posts

ත්‍රිවිධ හමුදාව ගැනත් ආණ්ඩුව තීන්දුවක් ගනී

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් ගැන, හිටපු ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

රැකියාවන් සඳාහා පැමිණීමට හෙට සිට දුම්රිය වාර සංඛ්‍යාව වැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment