දේශීය

අද සිට කටුනායක නව PCR පරීක්ෂණ ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත කළ නව පී සී ආර් පරික්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු අද සිට ක්‍රියාත්මකයි.

පළමු අධියරේදී විදෙස් සංචාරකයන් සඳහා මෙම පරීක්ෂණාගාරයේ දී පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.

ඒ සදහා අමරිකානු ඩොලර් 40ක මුදලක් අයකරන අතර පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 ක් බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි.

පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම මෙහිදී සිදුකෙරෙනවා.

අදාළ සංචාරකයා එම වාර්තාවට අනුව ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් සහ ඔහු හෝ ඇය පූර්ණ එන්නත්කරණයට ලක්වූවෙකු නම් පමණක් නිරෝධායනය වීමකින් තොරව රටතුල සංචාරය කිරීමට අවසර හිමිවනවා.

ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සඳහාද මෙම වැඩපිළිවෙල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනු ඇති.

Related posts

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් වැඩිවෙලා

Mohamed Dilsad

දේශපාලන බලපෑම් නිසා ආයතනයක සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි…!

Editor O

ඊයෙ කොළඹින් ආසාදිතයින් 526 ක් – ඉන් 175 ක්ම වැලිකඩින්

Mohamed Dilsad

Leave a Comment