දේශීය

සීමාවන්ට යටත්ව ලබන පළමු වනදා රට විවෘතයි

(UTV | කොළඹ) – පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර සීමාවන්ට යටත්ව ලබන මස (01) දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (25) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත්කරණය මේ වන විට සාර්ථකව සිදුකරමින් පවතින බවත්, කොවිඩ් 19 වෛරසය මෙරට තුල පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය වී ඇති බවට සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වන බවයි.

Related posts

ඩොලරයේ අද තත්ත්වය

Editor O

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

Mohamed Dilsad

පාසල්වලට 2028 වසරේදී හඳුන්වාදෙන විභාගය

Editor O

Leave a Comment