දේශීය

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

(UTV | කොළඹ) – ලබන 25 සහ 26 යන දිනවල නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.    

ඒ හේතුවෙන් මැයි 24, 25 සහ 26 යන දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ තද වැසි හා තද සුළං ඇතිවීමට ඉඩ ඇති බවත්, ගංවතුර හා නායයෑම් තත්ත්වයන් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර , බස්නාහිර හා සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ නිරිත දිග මෝසම් කාලගුණය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවය.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ දැක්වේ.

මේ අතර නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

 

Related posts

පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රටේ මත්පැන් ඉල්ලුම 30% පහළට

Mohamed Dilsad

පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment