දේශීය

පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරියක් මෙලෙස පහරකෑමට ලක්වී ඇති අතර පහරදුන් කොස්තාපල්වරයා ඇයගේ ඇයගේ ජංගම දුරකථනය ද පැහැර ගෙන ඇති බව වාර්තා විය.

 

මෙම සිද්ධියෙන් පසු සැකකාර කොස්තාපල්වරයා වැඩ තහනමකට ද ලක්කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

මෙම කොස්තාල්වරයා ඉකුත් 25 වනදා රාත්‍රියේ රාජකාරියට වාර්තා කර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කිසිවකුටත් නොදන්වා කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇත.

 

එහිදී සංගීත ප්‍රසංගයේ ආරක්ෂාව වෙනුවෙන් නිල ඇඳුමෙන් සිටි බියගම පොලීසියේ ආධුනික කොස්තාපල්වරිය සමග ඔහු බහින්බස්වී අනතුරුව ඇයට අතින් පයින් පහරදී තුවාල සිදුකර ඇයගේ ජංගම දුරකතනය ද පැහැරගෙන ගොස් තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශනයක් කර කොස්තාපල්වරයාව පෙරේදා (27) අත්අඩංගුවට ගෙන වැඩ තහනමකටද ලක් කර ඇත.

Related posts

මැතිවරණ කොමිසමෙන් කථානායකට ලිපියක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් කොටුවී සිටින ජනතාව මුදා ගැනීමට ඉන්දියානු හෙළිකොප්ටර් යානා

Editor O

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment