දේශීය

සතිපතා ඔක්සිජන් ආනයනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – කොවිඩ් – 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර් 300,000 බැගින් සතිපතා ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට පැතිරී යන වෛරස ප්‍රභේදය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් මාසිකව ආනයනය කරනු ලබන ලීටර් 120,000 වෙනුවට සතිපතා ලීටර් 300,000 බැගින් ආනයනය කිරීම සඳහා වන මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.

මීට පෙර මැයි 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණේ, ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර් 120,000ක් මාසිකව ආනයනය කිරීම සඳහායි.

Related posts

උද්ධමනය ඉහළට

Editor O

ගුරුවරුන්ට කොරෝනා එන්නත් දීම ලබන සතියේ සිට

Mohamed Dilsad

මෙරට සුවය ලැබූවන් ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment