දේශීය

ක්ෂේත්‍ර රැසක් අද වෘත්තීය ක්‍රියාමාර්ගවල

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙයි.

 

ඔවුන් පවසන්නේ අසාධාරණ බදු අයකිරීම් ඇතුළු රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බවය.

 

වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් මෙම ක්‍රියාමාර්ග සඳහා එක්වී සිටින බව වෘත්තීය සමිති නායකයින් පවසයි.

 

වරාය, තෙල්, විදුලි, ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මෙම විරෝධතා ක්‍රියාමාර්ග හා එක්වන බව ප්‍රකාශයට පත් කර තිබේ.

 

වෛද්‍ය, ගුරු, විදුහල්පති සහ තැපැල් සේවකයින් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් විරෝධතාවල නිරත වූවත් වැඩවර්ජනයක නිරත නොවන බව ප්‍රකාශ කර තිබේ.

 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද විරෝධතාවක් පමණක් සිදුකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

 

දුම්රිය වෘත්තීය සමිති ද අද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සිය සහයෝගය දක්වා ඇත.

 

එමෙන්ම විරෝධතාවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ද එක්වන බව එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා සඳහන් කළේය.

Related posts

නිරූපමා රාජපක්ෂගේ සැමියා අල්ලස් කොමිසමට පැමිණෙයි

Mohamed Dilsad

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට තීරණයක්

Mohamed Dilsad

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොත් ලක්ෂ තුනහමාරක අසභ්‍ය පිටු ඉවත් කර ළමයින්ට බෙදනවා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්⁣ නාලක කළුවැව

Editor O

Leave a Comment