දේශීය

මෛත්‍රීගේ පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000සක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේය.

සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

 

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

 

 

Related posts

රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

Mohamed Dilsad

අගමැති රනිල් ශානක්කියන් ට සැරවෙයි

Mohamed Dilsad

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

Mohamed Dilsad

Leave a Comment