දේශීය

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් වැඩිවෙලා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කලේ මෙම මාසය තුළදී ලබාගත් සාම්පල 78 කින් ඔවුන් තහවුරු කරගත් බවයි.

අනෙක් සාම්පල 03 ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයන් ලෙසටයි වාර්තා වී ඇත්තේ.

කොළඹ – අවිස්සාවේල්ල – බොරලැස්ගමුව – හෝමාගම – පාදුක්ක – මඩපාත – වැල්ලම්පිටිය – බදුල්ල – ගාල්ල – ගල්කිස්ස – නුගේගොඩ – රුවන්වැල්ල සහ අංගොඩ යන ප්‍රදේශවලිනුයි මෙම ආසාධිතයන් සටහන්වී තිබුණේ.

කඩුවෙල – වැල්ලම්පිටිය සහ තලංගම යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයන් වාර්තා වී ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියා.

Related posts

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

අනුරගෙන් සහ ශානිගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්

Mohamed Dilsad

පාසල් අතර ඇති නැති පරතරය නැති කරනවා – අගමැති හරිනි අමරසූරිය

Editor O

Leave a Comment