Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් අතර ඇති නැති පරතරය නැති කරනවා – අගමැති හරිනි අමරසූරිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්තනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු අතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවන්හිදී යි.

මෙහිදී පාසල් අතර පරතරය නැති කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබුණු අග්‍රාමාත්‍යවරිය රැකියාවකට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසද නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබුණේ, කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත්, එය ඉටු කිරීමට වත්මන් රජය බැඳී සිටින බවත් ය.

එමෙන්ම ඇය එහිදී ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාව පෙන්වා දී තිබුණු අතර සියලු ක්ෂේත්‍ර ආවරණය වන නවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන අනාගත පරපුරක අවශ්‍යතාව ද ඉස්මතු කර තිබිණ..

වංචනික උපාධි ආයතනවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමත්, ඒ සඳහා වන නෛතික රාමුව සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයන් හි ගුණාත්මක භාවය පිළිබඳව ද එහිදී ඇය සිය අවධානය යොමුකර තිබිණ.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපතිනී පද්මිණි රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු එම ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගීව සිටියහ.

Related posts

Rajinikanth evades questions on Sri Lankan Tamils

Mohamed Dilsad

Former MP Duminda Silva’s death sentence affirmed by Supreme Court

Mohamed Dilsad

Sri Lankan among two held for harassing tribal woman in Andhra Pradesh

Mohamed Dilsad

Leave a Comment