Trending Newsඑසැන පුවත්දේශීය

බැංකු සමග ගනුදෙනු කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යය කෙරේ.

ඉදිරියේ දී වානිජ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා.

එමෙන්ම මේ වනවිටත් ජාතික හැඳුනුම්පත් අංකය ලබා නොදී ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කර ඇත්නම් මේ මස 31 වනදාට පෙර තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බැංකු වෙත ලබාදෙන ලෙසයි එම ගිණුම් හිමියන්ට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඇතැම් ගිණුම් හිමියන් ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට විදෙස් ගමන් බලපත් අංකය, රියදුරු ගමන් බලපත්‍ර අංකය ලබා දී බැංකු ගිණුම් විවෘත කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයක් නොවන පුද්ගලයෙකුට වලංගු විදෙස් ගමන් බලපත්‍ර අංකය ලබා දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුම් විවෘත කිරීමේ හැකියාව පවතිනවා.

යම් වානිජ්‍ය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් කඩා වැටීමට ලක්වුවහොත් වන්දි ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අත්‍යවශ්‍ය බව මහ බැංකුව පවසනවා.

Related posts

UNP writes to Facebook urging to safeguard user information from Government

Mohamed Dilsad

கொழும்பில் பல பகுதிகளில் குறைந்த அழுத்தத்தில் நீர் விநியோகம்

Mohamed Dilsad

President Instructs to provide assistance to drought hit farmers

Mohamed Dilsad

Leave a Comment